• Increase font size
  • Default font size
  • Decrease font size

2014-07-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මහනුවර නගර සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ඉඩම් පවරා ගැනීම

- කලින් බෝගම්බර රිමාන්ඩ් බන්ධනාගාරය ලෙස භාවිත කෙරුණු ඇහැලේපොළ වලව්ව සංස්කෘතික මධ්‍යස්ථානයක් වශයෙන් සහ නාගරික පහසුකම් මධ්‍යස්ථානයක් වශයෙන් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා වන වැඩ නාගරික සංවර්ධන අධිකාරිය විසින් අරඹනු ලැබ ඇත. හෙක්ටයාර 0.3866 ක ප්‍රමාණයෙන් යුත් එම ඉඩම, මහනුවර නගර සංවර්ධන ව්‍යාපෘතිය සඳහා නිදහස් දීමනාවක් ලෙස නාගරික සංවර්ධන අධිකාරිය වෙත පැවරීම පිණිස රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.