• Increase font size
  • Default font size
  • Decrease font size

2014-07-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථා පනත සඳහා සංශෝධන

- අනවසර ගොඩ කිරීම් හෝ සංවර්ධන කටයුතු වහාම නැවත්වීම සඳහා නිසි බලය ඇති අධිකරණයක් මගින් අතුරු නියෝගයක් පැනවීම, එවැනි කටයුතුවල යෙදෙන පුද්ගලයින්ට එරෙහිව ක්‍රියා කිරීම සම්බන්ධයෙන් පොලීසියෙන් වැඩි සහායක් ලබා ගැනීම, එවැනි පුද්ගලයින් ඔවුන්ගේ උපකරණ හා වාහන සමඟ අත්අඩංගුවට ගැනීම සහ එවන් පුද්ගලයන් හා උපකරණ අධිකරණය ඉදිරියට පමණුවා ලීම ආදිය සඳහා ඉහත පනතේ ඇතැම් වගන්ති සංශෝධනය කිරීම පිණිස නීති කෙටුම්පත් සම්පාදකවරයාට උපදෙස් දීම සඳහා රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.