• Increase font size
  • Default font size
  • Decrease font size

2014-07-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කොළඹ නගරයේ අඩු පහසුකම් ජනාවාසවල පදිංචි පවුල් පුනස්ථාපනය කිරීම

- කොළඹ නගරයේ අඩු පහසුකම් සහිත වාසස්ථානවල වෙසෙන පුද්ගලයන් නැවත පදිංචි කිරීම සඳහා නිවාස ඒකක 65,000 ක් පමණ ඉදි කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය සැලසුම් කර ඇත. මෙම පවුල් නැවත පදිංචි කිරීම සඳහා සියලු පොදු පහසුකම්වලින් සමන්විත බහු මහල් සහාධිපත්‍ය නිවාස ඉදි කිරීමට අපේක්ෂා කෙරේ. මෙම වැඩසටහන තුළින් නිදහස් කරනු ලැබූ ඉඩම්, කොළඹ නගර සංවර්ධන සැලස්මට අනුකූලව, ඉහත ආකාරයේ නිවාස ඒකක ඉදි කිරීම සඳහා මෙන්ම මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘති, සංචාරක කටයුතු, රක්ෂිත පවත්වා ගැනීම සහ විනෝදාත්මක ක්‍රියාකාරකම් සඳහා යොදා ගැනෙනු ඇත. මෙම කාර්යය සඳහා හඳුනා ගනු ලැබූ රජයේ ඉඩම් සමහරක්, නිදහස් දීමනාවක් ලෙස නාගරික සංවර්ධන අධිකාරිය වෙත පැවරීම පිණිස රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.