• Increase font size
  • Default font size
  • Decrease font size

2014-07-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් කොළඹ පිහිටුවීම හා ගම්පහ කාර්මික විද්‍යාලය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය

- කොරියාවේ ආර්ථික සංවර්ධන සහයෝගිතා අරමුදලේ (Economic Development Cooperation Fund EDCF) ණය පහසුකම් යටතේ කොළඹ දිස්ත්‍රික්කයේ ඔරුගොඩවත්ත ප්‍රදේශයේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් පිහිටුවීම සඳහා සහ ගම්පහ කාර්මික විද්‍යාලය වැඩිදියුණු කිරීම සඳහා වූ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස ශ්‍රී ලංකා රජය හා කොරියානු ආර්ථික සංවර්ධන සහයෝගිතා අරමුදල (EDCF) විසින් ණය ගිවිසුමකට අත්සන් තබා ඇත. මෙම කාර්යය සඳහා තාක්ෂණවේදය හා අධ්‍යාපනය පිළිබඳ කොරියානු විශ්වවිද්‍යාලයෙන් උපදේශක සේවා ලබාගැනීම පිණිස යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ගරු ඩලස් අලහප්පෙරුම මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.