• Increase font size
  • Default font size
  • Decrease font size

2014-07-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පේරාදෙණිය, කැලණිය, වයඹ සහ මොරටුව යන විශ්වවිද්‍යාලවල ඉදි කරනු ලබන ගොඩනැඟිලි සඳහා කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීම

- ඉහත විශ්වවිද්‍යාලවලට අදාළ පහත ඉදි කිරීම් ව්‍යාපෘති ක්‍රියාවට නංවනු ලැබීම පිණිස උසස් අධ්‍යාපන අමාත්‍ය ගරු එස්.බී. දිසානායක මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

* පේරාදෙණිය විශ්වවිද්‍යාලය
(i) දන්ත විද්‍යා පීඨය සඳහා පස්මහල් ගොඩනැඟිලි සංකීර්ණයක් ඉදි කිරීම.

* කැලණිය විශ්වවිද්‍යාලය
(i) තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ මධ්‍යස්ථානය සඳහා ගොඩනැඟිල්ලක් ඉදි කිරීම.

* ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය - කුලියාපිටිය
(i) ව්‍යවහාරික විද්‍යා පීඨය සඳහා ගොඩනැඟිල්ලක් ඉදි කිරීම.

* මොරටුව විශ්වවිද්‍යාලය
(i) වාස්තු විද්‍යා පීඨය සඳහා දේශන ශාලා ගොඩනැඟිල්ලක් ඉදි කිරීම.
(ii) ඉංජිනේරු පීඨය සඳහා බහුකාර්ය ගොඩනැඟිල්ලක් ඉදි කිරීම.