• Increase font size
  • Default font size
  • Decrease font size

2014-07-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
යාපනය, සබරගමුව, කැලණිය, පේරාදෙණිය, බෞද්ධ හා පාලි සහ නැගෙනහිර යන විශ්වවිද්‍යාලවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම

- ඉහත සඳහන් විශ්වවිද්‍යාල හයට අදාළ පහත සඳහන් ඉදිකිරීම් ව්‍යාපෘති ක්‍රියාවට නැංවීම පිණිස උසස් අධ්‍යාපන අමාත්‍ය ගරු එස්.බී. දිසානායක මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

* යාපනය විශ්වවිද්‍යාලය
(i) උපාධි අධ්‍යයන පීඨය සඳහා ගොඩනැඟිල්ලක් ඉදි කිරීම.
(ii) ක්‍රීඩා සහ විනෝදාත්මක සංකීර්ණය (ක්‍රීඩාගාරය) ඉදි කිරීම.

* සබරගමුව විශ්වවිද්‍යාලය
(i) ජ්‍යාමිතික පීඨය සඳහා ගොඩනැඟිල්ලක් ඉදි කිරීම - අදියර II

* කැලණිය විශ්වවිද්‍යාලය
(i) සමාජ විද්‍යා පීඨය සඳහා වන පස්මහල් ගොඩනැඟිල්ල පුළුල් කිරීම.
(ii) වෛද්‍ය පීඨය සඳහා බහුකාර්ය ගොඩනැඟිල්ලක් ඉදි කිරීම -අදියර
I
* පේරාදෙණිය විශ්වවිද්‍යාලය
(i) විද්‍යා පීඨයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහා තෙමහල් ගොඩනැඟිල්ලක් ඉදිකිරීම - අදියර II .

* හෝමාගම බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය
(i) යෝජිත උපකුලපති නිල නිවාසය ඉදි කිරීම

* ශ්‍රී ලංකා නැ‍ඟෙනහිර විශ්වවිද්‍යාලය
(i) කෘෂිකර්ම පීඨය සඳහා වන ගොඩනැඟිලි සංකීර්ණය ඉදි කිරීම