• Increase font size
  • Default font size
  • Decrease font size

2014-07-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
භාණ්ඩාගාර ඇපකරයක් සහිතව දේශීය බැංකු වෙතින් ලබාගත් අරමුදල් මඟින් ප්‍රමුඛතා ජල සම්පාදන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම - ව්‍යාපෘති හතරක් (04) සඳහා කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීම

- අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් නිර්දේශ කරන ලද පරිදි පහත සඳහන් කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීම සඳහා ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:

* කොළඹ දිස්ත්‍රික්කයේ නැ‍‍ඟෙනහිර පිහිටි නගර සඳහා වන ජල සම්පාදන ව්‍යාපෘතිය - 1 වන පැකේජය සඳහා වන කොන්ත්‍රාත්තුව;

* රුහුණුපුර ජලය බෙදා හැරීමේ ජල සම්පාදන ව්‍යාපෘතිය සඳහා වන කොන්ත්‍රාත්තුව;

* අම්පාර ජලය බෙදා හැරීමේ ජල සම්පාදන ව්‍යාපෘතිය සඳහා වන කොන්ත්‍රාත්තුව; සහ

* බෙන්තොට ජලය බෙදා හැරීමේ ජල සම්පාදන ව්‍යාපෘතිය සඳහා වන කොන්ත්‍රාත්තුව