• Increase font size
  • Default font size
  • Decrease font size

2014-07-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මුලතිව්-කෝකිලායි-පුල්මුඩේ මාර්ගයේ කෝකිලායි කලපුව හරහා කෝකිලායි පාලම සහ එහි ප්‍රවේශ මාර්ග ඉදි කිරීම

- වෙරළ තීරය ඔස්සේ නැ‍ඟෙනහිර පළාත සහ උතුරු පළාත අතර ‍ගොඩබිම මතින් අඛණ්ඩ සම්බන්ධතාවක් ඇති කිරීම පිණිස මුලතිව්-කෝකිලායි-පුල්මුඩේ මාර්ගයේ කෝකිලායි කලපුව හරහා නව පාලමක් ඉදි කිරීමට යෝජිතය. අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව මඟින් නිර්දේශ කරන ලද පරිදි ඉහත කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම පිණිස මහාමාර්ග, වරාය හා නාවික අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.