• Increase font size
  • Default font size
  • Decrease font size

2014-07-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාතික ක්‍රීඩා දිනයක් ප්‍රකාශයට පත් කිරීම

- ක්‍රීඩා අමාත්‍යාංශය උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ සහයෝගය ඇතිව වැඩපොළෙ‍් දී ක්‍රීඩාවල නිරත වීමට අවස්ථාවක් සැලසීම, පාගමන් තීරු ඇති කිරීම, සේවකයින්ව ක්‍රීඩා සඳහා දිරි ගැන්වීම,පාසල්වල ක්‍රීඩා විෂය අනිවාර්ය කිරීම වැනි ක්‍රියාකාරකම් ඇරඹීම මඟින් රටේ ක්‍රීඩා සංස්කෘතියක් ඇති කිරීමට පියවර ගෙන ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලස්ථානය මඟින් සංවර්ධනය හා සාමය සඳහා අන්තර්ජාතික ක්‍රීඩා දිනය වශයෙන් ප්‍රකාශයට පත් කර ඇති අප්‍රේල් 6 දිනය, ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩා දිනය වශයෙන් ප්‍රකාශයට පත් කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍ය ගරු මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කරන ලදී