• Increase font size
  • Default font size
  • Decrease font size

2014-07-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
“තමන්ටත් අනුන්ටත් ගරු කරන සමාජයක්” (RYRO) ව්‍යාපෘතිය

- RYRO ව්‍යාපෘතිය යනු යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික ව්‍යාපාර කළමනාකාරීත්ව විද්‍යායතනය විසින් දියත් කරනු ලැබීමට නියමිත සුවිශාල සමාජ බලපෑමක් සිදු කරන ව්‍යාපෘතියකි. එය සාමාජ සංවර්ධනයට හානිකර වන කලහකාරී සහ අකර්මණ්‍ය මනෝභාවයන් සහිත යන පුද්ගලයන් දෙපිරිසම, විශේෂයෙන්ම තරුණයින්ව, තමන්ටත් අනුන්ටත් ගරු කරන්නා වූ පෞරුෂයන් බවට වෙනස් කිරීම සඳහා විද්‍යාත්මකව සැලසුම් කරන ලද නව්‍යකරණ යන්ත්‍රණයකි. මෙම ව්‍යාපෘතිය පාසල්, විශ්වවිද්‍යාල, උසස් අධ්‍යාපන ආයතන,රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතන, පෞද්ගලික අංශයේ ආයතන ආදිය ඇතුළු සමාජයේ සියලුම පාර්ශ්ව වෙත ළඟා වනු ඇත. මේ සම්බන්ධයෙන් ඉදිරි කටයුතු කර ගෙන යාම සඳහා යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍ය ගරු ඩලස් අලහප්පෙරුම මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.