• Increase font size
  • Default font size
  • Decrease font size

2014-07-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මාතර සිට හම්බන්තොට දක්වා දක්ෂිණ අධිවේගී මාර්ගය දීර්ඝ කිරීම සහ උතුරු අධිවේගී මාර්ගයේ ඉදි කිරීම් සඳහා වන අත් කරගැනීම් සඳහා වන්දි මුදල් ගෙවීම

- දක්ෂිණ අධිවේගී මාර්ගය මාතර සිට හම්බන්තොට දක්වා දීර්ඝ කිරීම සඳහා සහ උතුරු අධිවේගී මාර්ගයේ ඉදි කිරීම් සඳහා ඉඩම් අත් කරගැනීමේදී බලපෑමට ලක් වූ පාර්ශ්වයන් වෙත වන්දි මුදල් ගෙවීම සඳහා අංක 1864/54 හා 2014-05-30 දිනැති ගැසට් පත්‍රයේ පළ කෙරුණු ‘ඉඩම් අත් කරගැනීමේ (වන්දි ගෙවීම) නියෝග - 2013’ හි දැක්වෙන විධිවිධාන යොදාගැනීමට ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය ගරු ජනක බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.