• Increase font size
  • Default font size
  • Decrease font size

2014-07-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රත්නපුර ආදර්ශ ද්විතීයික විද්‍යාලය පිහිටුවීම සඳහා ඉඩමක් පවරා ගැනීම

- සබරගමුව පළාතේ සිසු දරුවන්ට පුළුල් අධ්‍යාපන පහසුකම් ලබා දීමේ අරමුණින් 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා සමාන්තර පන්ති 10 කින් යුතු නව ජාතික පාසලක් ඉදි කිරීම පිණිස රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි, නාගරික සංවර්ධන අධිකාරිය‍ට අයත් හෙක්ටයාර 5.1670 ප්‍රමාණයේ ඉඩම් කොටසක් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත පවරා ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍ය ගරු බන්දුල ගුණවර්ධන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.