• Increase font size
  • Default font size
  • Decrease font size

2014-07-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සමාජ එකාබද්ධතා සතිය - 2014 ජුලි 14 - ජුලි 20

– 2013 වසරේ සමාජ ඒකාබද්ධතා සතිය තුළ “සමාජ ඒකාබද්ධතාවය උදෙසා අධ්‍යාපනය” යන තේමාව යටතේ රජයේ ආයතන සහ අනෙකුත් පාර්ශ්වයන්ගේ සහාය ඇතිව ජාතික භාෂා හා සමාජ ඒකබද්ධතා අමාත්‍යාංශය විසින් ක්‍රියාකාරකම් රැසක් දිවයින පුරා සාර්ථකව ක්‍රියාවට නැංවීය. සමාජ “ඒකාබද්ධතාව තුළින් ජාතික සමඟිය” යන තේමාව යටතේ මේ වසරේ සමාජ ඒකාබද්ධතා සතිය 2014 ජුලි 14 සිට 20 දක්වා අඛණ්ඩව තෙවන වරටත් පැවැත්වෙන අතර එහිදී සරුංගල් සැණකෙළි, ත්‍රෛභාෂා සඟරාව එළිදැක්වීම, පාසල් අතර කථික තරගාවලිය ආදී ක්‍රියාකාරකම් / වැඩසටහන් කිහිපයක්ම පැවැත්වෙනු ඇත. සමාජ ඒකාබද්ධතා අමාත්‍ය ගරු වාසුදේව නානායක්කාර මැතිතුමා විසින් ඉහත තොරතුරු අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලදී.