• Increase font size
  • Default font size
  • Decrease font size

2014-07-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්ක සඳහා “ජල සම්පාදන සහ අපජල කළමනාකරණ ප්‍රධාන සැලැස්මක්” ඇති කිරීම පිළිබඳ සහයෝගිතා ගිවිසුම

- මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්ක සඳහා ජල සම්පාදන සහ අපජල කළමනාකරණ ප්‍රධාන සැලැස්මක් ඇති කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සහ කොරියානු ජනරජයේ පාරිසරික, කර්මාන්ත සහ තාක්ෂණ ආයතනය (“Korea Environmental Industry and Technology Institute”)අතර සහයෝගිතා ගිවිසුමක් අත්සන් තැබීම පිණිස ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.