• Increase font size
  • Default font size
  • Decrease font size

2014-07-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
“ප්‍රජාව සහ ජල සේවා” පිළිබඳ 3 වන ජාත්‍යන්තර සම්මන්ත්‍රණය - 2014 අගෝස්තු

- ඉහත සම්මන්ත්‍රණය ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ සභාපතිත්වය ය‍ටතේ 2014 අගෝස්තු මස 22 සිට 24 දින දක්වා මහනුවරදී පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා ඉන්දියාව, බංගලාදේශය, පාකිස්තානය, නේපාලය, භූතානය, ඇ‍ෆ්ගනිස්ථානය සහ මාලදිවයින වැනි මෙම කලාපයට අයත් රටවල් ගණනාවක් සහභාගී වනු ඇතැයි අපේක්ෂා කෙරේ. සිය ජල යෝජනා ක්‍රම කළමනාකරණයේදී දැනුම, ක්‍රමෝපායයන් සහ මනා පරිචයන් හුවමාරු කරගැනීම සඳහා සහ ප්‍රජාවන් අතර කතිකාව, අන්‍යෝන්‍ය අවබෝධය හා සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීම සඳහා වේදිකාවක් සැපයීම මෙම සම්මන්ත්‍රණයේ අරමුණයි. විවිධ ප්‍රජා මූලික සංවිධාන, ප්‍රතිපත්ති සම්පාදකයන්, පර්යේෂකයන්, විද්වතුන්, එක්සත් ජාතීන්ගේ නියෝජ්‍යායයතන සහ අන්තර්ජාතික සංවර්ධන ආයතන ආදී 500 ක පමණ නියෝජිත පිරිසක් මෙම සම්මන්ත්‍රණය සඳහා සහභාගි වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා විසින් ඉහත සඳහන් තොරතුරු අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලදී.