• Increase font size
  • Default font size
  • Decrease font size

2014-07-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කොළඹ නගරය හා ආශ්‍රිත ප්‍රදේශවල අඩු පහසුකම් ජනාවාසවල හා තාවකාලික නිවාසවල පදිංචිකරුවන් පුනස්ථාපනය කිරීමේ වැඩසටහන

- නාගරික සංවර්ධන අධිකාරිය විසින් ක්‍රියාවට නංවනු ලැබීම පිණිස කොළඹ නගරයේ අඩු ආදායම්ලාභීන්ගේ නිවාස පුනස්ථාපන ව්‍යාපෘතිය කඩිනම් කිරීම සඳහා රජය විසින් මූලාරම්භක වැඩසටහනක් දියත් කොට ඇති අතර මෙම වැඩසටහනේ අරමුණ වන්නේ අඩු පහසුකම් යටතේ ජීවත් වන ජනතාවගේ ජීවන තත්ත්වය උසස් මට්ටමකට පත් කිරීම සඳහා නවීන පහසුකම් සහිත නිවාස ඔවුන්ට ලබා දීමය. මෙම කාර්යය සඳහා මහල් 15 කින් යුත් නිවාස සංකීර්ණයක් ඉදි කිරීම සඳහා රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන ඇමතිතුමා වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.