• Increase font size
  • Default font size
  • Decrease font size

2014-07-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ඩෙංගු මර්දන වැඩසටහන - 2014

- හදිසි ජනාධිපති කාර්යසාධන බලකාය විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින්ට අමතරව ආරක්ෂක හමුදාවල සාමාජිකයන්ද යොදවා ගෙන, 2014 ජුනි 20 සිට 22 දක්වා කොළඹ, කළුතර හා ගම්පහ දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක කරන ලද ඩෙංගු මර්දන වැඩසටහනෙහි සාර්ථක ක්‍රියාකාරිත්වය අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී. එහිදී ස්ථාන 105,879 ක් පිරිසිදු කොට, මදුරුවන් බෝවන ස්ථාන 6,347 ක් සොයා ගෙන, 3,796 දෙනෙකුට නොතීසි නිකුත් කර, ස්ථාන 1,787 කට විරුද්ධව නීතිමය පියවර ආරම්භ කර ඇත. මෙම වැඩසටහනේ දෙවන අදියර 2014 ජූලි 03 -10 දක්වා එම දිස්ත්‍රික්කවලම ක්‍රියාවට නැංවීමට නියමිත බැවින්, ජාතික ගැටලුවක් වන මෙම භයානක ඩෙංගු රෝගය මුලිනුපුටා දැමීම සඳහා මුළුමහත් ජනතාවගේම සහයෝගය උපරිම වශයෙන් ලබා ගත යුතු හෙයින් ඩෙංගු රෝගය වැළක්වීමට අදාළ කණ්ඩායම්වල නිලධාරින් පරික්ෂා කිරීමේ කටයුතු සඳහා වාසස්ථාන කරා පැමිණෙන විට ඔවුන්ට උපරිම සහයෝගය ලබා දෙන ලෙස අමාත්‍ය මණ්ඩලය විසින් මහජනතාව‍ගෙන් ඉතා වුවමනාවෙන් ඉල්ලා සිටින ලදී.