• Increase font size
  • Default font size
  • Decrease font size

2014-07-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන ක්‍රියාත්මක කිරීම

- රටේ මාර්ග ජාලය සංවර්ධනය කිරීම මඟින් සියලු ප්‍රධාන නගර, ජාත්‍යන්තර ‍ගුවන්තොටුපොළ හා වරායන් එකිනෙක සම්බන්ධ කිරීමට රජය විසින් දැනටමත් පියවර ගෙන ඇති අතර, ග්‍රාමීය මාර්ග සම්බන්ධ කිරීම සඳහා වන ආයෝජන සැලැස්ම ක්‍රියාත්මක කිරීම මඟින් ගම්මාන සියල්ල රටේ මාර්ග ජාලය හා සම්බන්ධ කිරීමටද සැලසුම් කරමින් සිටියි. මෙම වැඩසටහන යටතේ ජනගහනය හා සංවර්ධන විභවතාවන් මත පදනම්ව ග්‍රාමීය කේන්ද්‍රස්ථාන ලෙස ගම්මාන 1,000 ක් පමණ තෝරා ගනු ලැබේ. ඇමෙරිකානු ඩොලර් මිලියන 800 ක මුදලක් ලබා දීම මඟින් පහත දක්වා ඇති පරිදි ව්‍යාපෘති පහක් මඟින් පළාත් 5 ක් තුළ මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා සහයෝගය දැක්වීමට ආසියානු සංවර්ධන බැංකුව (ADB) එකඟ වී ඇත. සමස්ත වැඩසටහන සඳහා වන රජයේ දායකත්වය ඇමෙරිකානු ඩොලර් මිලියන 106 කි.

* පළමු ව්‍යාපෘතිය - දකුණු පළාත
* දෙවන ව්‍යාපෘතිය - සබරගමුව පළාත සහ බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කය
* තෙවන ව්‍යාපෘතිය - මධ්‍යම පළාත
* සිව්වන ව්‍යාපෘතිය - උතුරුමැද පළාත
* පස්වන ව්‍යාපෘතිය - වයඹ පළාත

ආසියානු සංවර්ධන බැංකුව සමඟ සිදු කිරීමට නියමිත ඉහත ණය මුදල ලබාගැනීමට අදාළ ඉදිරි කටයුතු කර ගෙන යාම සඳහා මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යවරයා වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.