• Increase font size
  • Default font size
  • Decrease font size

2014-07-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ණය ආධාර යටතේ වූ ඉතිරි අරමුදල් ප්‍රයෝජනයට ගනිමින් ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) හා ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායනයේ (JICA) ණය ආධාර යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘතිවල විෂයපථය පුළුල් කිරීම

- තරගකාරිත්වය හේතුවෙන් පිරිවැය ඇස්තමේන්තුවල සඳහන් මිල ගණන්වලට වඩා අඩු මිල ගණන්වලට කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීමෙන් උත්පාදනය වූ ඉතිරි කිරීම් යොදා ගනිමින් ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) සහ ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජ්‍යායතනයේ (JICA) ණය මුදල් යටතේ ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘතිවල විෂයපථය පුළුල් කිරීම සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍ය ගරු පවිත්‍රා වන්නිආරච්චි මැතිතුමිය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.