• Increase font size
  • Default font size
  • Decrease font size

2014-07-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නොරොච්චෝලේ ලක්විජය විදුලි බලාගාරය, අංක 2 හා අංක 3 යන්ත්‍රවලින් නිපදවන ගල්අඟුරු දැවි අළු විකිණීම

- පුත්තලම ගල් අඟුරු බලාගාර ව්‍යාපෘතියේ II අදියරේ 2 වන ඒකකයේ මෙහෙයුම් කටයුතු 2014 අප්‍රේල් මස ආරම්භ වූ අතර, එහි 3 වන ඒකකයේ මෙහෙයුම් 2014 සැප්තැම්බර් මසදී ආරම්භ කිරීමට නියමිතය. මෙම යන්ත්‍රාගාර ක්‍රියාත්මක වීමේදී අඛණ්ඩව උත්පාදනය වන දැවි අළු ඉවත් කළ යුතු වන අතර, ඒවා සිමෙන්ති නිෂ්පාදන ක්‍රියාවලිය සඳහාද කර්මාන්ත අංශයේ වෙනත් කාර්මික ක්‍රියාකාරකම් සඳහාද යොදාගැනීමට හැකිය. එක් යන්ත්‍රයකින් වාර්ෂිකව නිෂ්පාදනය වන දැවි අළු ප්‍රමාණය මෙට්‍රික් ටොන් 75,000 ක් වන අතර එම ඒකක දෙකෙන්ම වාර්ෂිකව නිපදවෙන මුළු ප්‍රමාණය මෙට්‍රික් ටොන් 150,000 කි. සුදුසුකම් ලත් සමාගම් පහකට දැවි අළු විකිණීම සඳහා අමාත්‍ය මණ්ඩලය පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුව විසින් කරන ලද නිර්දේශය අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.