• Increase font size
  • Default font size
  • Decrease font size

2014-07-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කරාපිටිය ශික්ෂණ රෝහල් පරිශ්‍රයේ රක්ත කාන්දු පෙරන ඒකකය සහ වකුගඩු හා රුධිර වාහිනී බද්ධ කිරීමේ ඒකකය ස්ථාපිත කිරීම

- ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ රක්ත කාන්දු පෙරන ඒකකය සහ වකුගඩු බද්ධ කිරීමේ ඒකකය මඟින් දකුණු පළාතේ රෝගීන්ට මෙන්ම මොනරාගල සහ රත්නපුර වැනි යාබද දිස්ත්‍රික්කවල රෝගීන්ටද සේවාවන් සැපයේ. ඒ අනුව වකුගඩු රෝගීන් සඳහා වන වාට්ටු දෙකක්, වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යාගාර, දැඩි සත්කාර ඒකකයක් සහ වකුගඩු රෝග පිළිබඳ පර්යේෂණ ඒකකයක් ඇතුළත් පස් මහල් නව ගොඩනැඟිලි සංකීර්ණයක් මෙම රෝහල තුළ ඉදි කිරීමට යෝජිතය. ඉහත කොන්ත්‍රාත්තුව රුපියල් මිලියන 884.89 ක මුළු පිරිවැයකට ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය වෙත පිරිනැමීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.