• Increase font size
  • Default font size
  • Decrease font size

2014-07-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දැදුරු ඔය ජලාශ ව්‍යාපෘතියේ අරීය ගේට්ටු මධ්‍ය පාලන (Centrally Controlled) මෙහෙයුම් පද්ධතියක් මඟින් විදුලියනය කිරීම

- දැදුරු ඔය ජලාශ ව්‍යාපෘතිය, කුරුණෑගල සහ පුත්තලම දිස්ත්‍රික්කවල පවුල් 50,000 කට පමණ පානීය ජලය සැපයීම සඳහා සහ කුඹුරු ඉඩම් අක්කර 30,000 කට පමණ වාරි ජලය සැපයීම සඳහා වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කරනු ලැබේ. නවීන තාක්ෂණික ක්‍රම උපයෝගී කර ගනිමින් දැදුරු ඔය ජලාශයේ පිටවාන සඳහා මධ්‍ය පාලන (Centrally Controlled) විදුලි ගේට්ටු පද්ධතියක් සවි කිරීම සඳහා වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය ගරු නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.