• Increase font size
  • Default font size
  • Decrease font size

2014-07-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දේශීය වෙළඳපොළ තුළ පොල් හා ඒ ආශ්‍රිත නිෂ්පාදකයින්ගේ භාණ්ඩ සඳහා නිසි වෙළඳපොළක් සකසා දීමේ ව්‍යාපෘතිය

- වර්තමානයේ ශ්‍රී ලංකාවේ පොල් හා ඒ ආශ්‍රිත නිමි භාණ්ඩ වර්ග 150 කට ආසන්න සංඛ්‍යාවක් නිෂ්පාදනය කෙරෙන අතර, වාර්ෂිකව රුපියල් බිලියන 50 කට ආසන්න විදේශ විනිමය ප්‍රමාණයක් උපයා දෙමින් ඒ අතරින් තෝරාගත් නිෂ්පාදන 50 ක් පමණ අපනයනය කරනු ලැබේ. දේශීය වෙළඳපොළ වැඩිදියුණු කිරීමේ අරමුණින් නිෂ්පාදකයින් විසින් නිපදවනු ලබන කොහු මෙට්ට, කොසු, පාපිසි, බුරුසු ආදී අයිතමයන්ගෙන් රාජ්‍ය ආයතනවලට අවශ්‍ය මුළු ප්‍රමාණයෙන් කිසියම් ප්‍රතිශතයක් පොල් සංවර්ධන අධිකාරිය හරහා සැපයීම සඳහා පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍ය ගරු ජගත් පුෂ්පකුමාර මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය තීරණය කළේ මෙම කර්මාන්තයෙහි නියැළෙන, පොල් සංවර්ධන අධිකාරිය හරහා සිය මිල ගණන් ඉදිරිපත් කළ දේශීය ව්‍යවසායකයින් සඳහා 10%ක ප්‍රමුඛතාවක් ලබා දීමටයි.