• Increase font size
  • Default font size
  • Decrease font size

2014-07-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ආසියාව තුළ අන්තර් ක්‍රියාකාරීත්වය හා විශ්වාසය ගොඩ නඟාගැනීමේ සම්මන්ත්‍රණයේ 4 වැනි සමුළුවට සහභාගි වීම සඳහා අතිගරු ජනාධිපතිතුමා චීනයේ ෂැංහායිහි නිරත වූ සංචාරය

- අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිසක් ඉහත සමුළුවට සහභාගි වූහ. මෙම සමුළුව අමතමින් අතිගරු ජනාධිපතිතුමා ආසියාව වෙත අවධානය යොමු කළේ ජාත්‍යන්තර වශයෙන් වැඩි අවධානයක් සහිත කලාපය තුළින්ම සහ බාහිර ප්‍රභවයන්ගෙන් යන දෙයාකාරයෙන්ම විවිධාකාර වු ඉඩප්‍රස්තා සහ අභියෝග උපදවන්නා වූ කැපී පෙනෙන හා ක්‍රියාශීලී කලාපයක් වශයෙනි. බාහිර බලවේග ප්‍රජාත්‍රන්ත්‍රවාදයට මුවා වී ස්වෛරි රාජ්‍යයන්ගේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීම, රටවල සහ කලාපවල අස්ථාවරභාවයට හේතු වන බවද එතුමා විසින් ප්‍රකාශ කරන ලදී. එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහ‍ලේකම් සමඟ පැවති සාකච්ඡාවේදී මහ ලේකම්තුමා ශ්‍රී ලංකාවේ පැවති ලෝක තරුණ සමුළුව සාර්ථකව නිමාවට පත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට සිය සුබ පැතුම් එක් කළ අතර, රට ආර්ථික සහ සමාජීය සංවර්ධනය කිරීමේදී ශ්‍රී ලංකාව විශාල ප්‍රගතියක් අත් කර ගෙන ඇති බවද නිරීක්ෂණය කර ඇත. මෙම තොරතුරු අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද්දේ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ගරු (මහාචාර්ය) ජී.එල්.පීරිස් මැතිතුමා විසිනි.