• Increase font size
  • Default font size
  • Decrease font size

2014-07-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
බෙදුම් නඩු නීතිය යටතේ කරනු ලබන මැනීම් සඳහා ගෙවිය යුතු ගාස්තු පිළිබඳ රෙගුලාසි

- බෙදුම් නඩු සම්බන්ධයෙන් සිදු කරනු ලැබූ මැනීම් කටයුතු සඳහා අය කරනු ලබන ගාස්තු ප්‍රතිශෝධනය කරමින් ඒ පිළිබඳව පවතින රෙගුලාසි සංශෝධනය කිරීමට සහ එම සංශෝධිත රෙගුලාසි රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීම සඳහාත්,ඉන් අනතුරුව ඒවා අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහාත්, අධිකරණ අමාත්‍ය ගරු රවුෆ් හකීම් මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.