• Increase font size
  • Default font size
  • Decrease font size

2014-07-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2014 මැයි 27 දින සිට 29 දින දක්වා පැවති 3 වන ඉස්තාන්බුල් ජාත්‍යන්තර ජල සංසදය

- ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිසක් ඉහත සමුළුවට සහභාගි වූහ. ජල සුරක්ෂිතතාව හා ජලය පිළිබඳ නීතිමය පැතිකඩ යන විෂයන් පිළිබඳව සමුළුව කේන්ද්‍රගත කොට තිබූ අතර, ජල වෘත්තිකයෝ, විද්වත් ප්‍රජාව, විද්‍යාඥයෝ, ජාත්‍යන්තර සංවිධාන ආදිය ඒ සඳහා සහභාගී වූහ. මෙම නියෝජිත පිරිස ආසියානු කලාපයේ ජලය හා සනීපාරක්ෂක ගැටලු පිළිබඳව මෙන්ම සහස්‍ර සංවර්ධන ඉලක්ක පිළිබඳවද පොදු ප්‍රවේශයන්ට එළඹීම සම්බන්ධයෙන් එකඟ වූහ. ඉහත තොරතුරු අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද්දේ ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා විසිනි.