• Increase font size
  • Default font size
  • Decrease font size

2014-06-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාවේ දිගුකාලීන සහන සහ ප්‍රතිස්ථාපන මෙහෙයුම් වැඩසටහන

- මෙම වැඩසටහනෙහි අරමුණ වන්නේ ආහාර සුරක්ෂිතතාව වැඩි දියුණු කිරීම මඟින් මාස 06 සිට මාස 59 දක්වා වයස් කාණ්ඩයේ ළමුන්, ගැබිණි කාන්තාවන් හා කිරි දෙන මවුවරුන් අතර පවතින උග්‍ර මන්දපෝෂණ තත්ත්වයට පිළියම් යෙදීම සඳහා ජාතික ධාරිතාවන් සවිමත් කිරීමය. මෙම කාර්යය සඳහා දිගුකාලීන සහන සහ ප්‍රතිස්ථාපන මෙහෙයුම් වැඩසටහන යටතේ ආහාර සහනාධාර ලබා දීමට ලෝක ආහාර වැඩසටහන එකඟත්වය පළ කර ඇත. දිගුකාලීන සහන මඟින් ප්‍රතිස්ථාපන මෙහෙයුම් වැඩසටහනෙහි මුළු පිරිවැය ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලර් 34,799,036 කි. එයින් ඇ.එ.ජ. ඩොලර් 23,482,866ක් සෘජු දීමනා ආධාර වන අතර, ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලර් 19,547,890 ක් ආහාර දායකත්වය වේ. මෙම වැඩසටහන උතුරු පළාතේ මන්නාරම, වවුනියාව, මුලතිව්, කිළිනොච්චි සහ යාපනය දිස්ත්‍රික්කවල ක්‍රියාවට නැංවීමට නියමිත අතර අපේක්ෂිත ප්‍රතිලාභීන් සංඛ්‍යාව 435,000 කි. ඉහත කාර්යය සඳහා ලෝක ආහාර වැඩසටහන සමඟ අවබෝධතා ලිපියක් අත්සන් කිරීමට මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.