• Increase font size
  • Default font size
  • Decrease font size

2014-06-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ලෝක බැංකුවේ ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ (IFC) ගිවිසුම් වගන්ති සංශෝධනය කිරීම සහ 2010 වර්ෂයේදි වරණීය ප්‍රාග්ධනය වැඩි කිරීම වෙනුවෙන් දායක මුදල් ගෙවීම

- ජාත්‍යන්තර මුල්‍ය සංස්ථාව යනු සංවර්ධනය වෙමින් පවතිතන රටවල පෞද්ගලික අංශයේ සංවර්ධනය සහ ඒ හා බැඳුණු රැකියාවන් දිරිමත් කිරීමට ආයෝජන සහ උපදේශක සේවාවන් ලබා දෙන ලෝක බැංකු සමූහයේ සංවර්ධන මූල්‍ය ආයතනය වේ. ඉහත සඳහන් ගිවිසුමේ වගන්ති සංශෝධනය සහ ශ්‍රී ලංකාව හිමිකම් ලබන කොටස් සඳහා දායක මුදල් ගෙවීමට ආදළ කටයුතු කර ගෙන යාම සඳහා මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.