• Increase font size
  • Default font size
  • Decrease font size

2014-06-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
විශ්වවිද්‍යාලවල ඉදි කරනු ලබන ගොඩනැඟිලි සඳහා කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීම

- අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් නිර්දේශ කරනු ලැබ ඇති පරිදි විශ්වවිද්‍යාලයන්හි පහත සඳහන් ඉදි කිරීමේ කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීම සඳහා උසස් අධ්‍යාපන අමාත්‍ය, ගරු එස්.බී.දිසානායක මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:

* නැ‍ඟෙනහිර විශ්වවිද්‍යාලයේ ත්‍රිකුණාමල මණ්ඩපයේ ව්‍යවහාරික විද්‍යා පීඨය සඳහා පස්මහල් ගොඩනැඟිලි සංකීර්ණයක් රු. 331,945,891.63ක මුළු පිරිවැයකට;

* නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ත්‍රිකුණාමල මණ්ඩපයේ තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානය සඳහා පස් මහල් ගොඩනැඟිලි සංකීර්ණයක් රුපියල් 253,767,500.00ක මුළු පිරිවැයකට;

* නැ‍ඟෙනහිර විශ්වවිද්‍යාලයේ ත්‍රිකුණාමල මණ්ඩපයේ පුස්තකාලය සඳහා සිව් මහල් ගොඩනැඟිලි සංකීර්ණයක් රුපියල් 271,003,625.00ක මුළු පිරිවැයකට;

* පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨය සංවර්ධනය කිරීම රුපියල් 797,292,344.98ක මුළු පියවැයකට; සහ

* මොරටුව විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණ විද්‍යා පීඨය - අදියර - II සඳහා ගොඩනැඟිලි සංකීර්ණයක් රුපියල් 127,760,923.99ක මුළු පියවැයකට.