• Increase font size
  • Default font size
  • Decrease font size

2014-06-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කාත්තන්කුඩි අපජලය බැහැර කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම

- මෙම ව්‍යාපෘතිය චීනයෙන් සපයනු ලබන මූල්‍යාධාර සහ ශ්‍රී ලංකා රජය විසින් දැරීමට නියමිත දායකත්වයන් මඟින් ක්‍රියාවට නැංවීමට නියමිතය. අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් නිර්දේශ කරනු ලැබ ඇති පරිදි ඉහත ව්‍යාපෘතියේ කොන්ත්‍රාත්තුව ඇමෙරිකානු ඩොලර් 69,422,744ක සහ රුපියල් 1,225,957,379ක මුදලකට ප්‍රදානය කිරීම සඳහා ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍ය, ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.