• Increase font size
  • Default font size
  • Decrease font size

2014-06-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මහ කොළඹ අපජල කළමනාකරණ ව්‍යාපෘතිය - දෙහිවල - ගල්කිස්ස සහ කොළොන්නාව ප්‍රදේශවල පිහිටි අපජල පොම්පාගාර 06ක් ප්‍රතිසංස්කරණය කිරීම හා ධාරිතාව වැඩි කිරීම

- ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය සහාය ඇතිව ක්‍රියාවට නැංවීමට නියමිත ඉහත ව්‍යාපෘතිය හා සබැඳි මෙම කොන්ත්‍රත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් නිර්දේශ කරනු ලැබ ඇති පරිදි ඇමෙරිකානු ඩොලර් 7,795,674.05ක මුදලකට ප්‍රදානය කිරීම සඳහා ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍ය, ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.