• Increase font size
  • Default font size
  • Decrease font size

2014-06-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
උගන්ඩාවෙහි කම්පාලා නුවර 2014 පෙබරවාරි මස 10 සිට 13 දක්වා වූ සිව් දින තුළ පැවැත්වූ ජාතික සංවර්ධන රාමුව තුළ පැන නඟින ජනගහන ගැටලු සමෝධානය කිරීම සඳහා ආසියානු සහ අප්‍රිකානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ධාරිතා සංවර්ධන ව්‍යාපෘතිය

- 2014 පෙබරවාරි මස 10 වෙනි දින සිට 13 වෙනි දින දක්වා උගන්ඩාවෙහි කම්පාලා නුවර පැවැත්වුණු ඉහත සඳහන් සමුළුව සඳහා ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය, ගරු තිස්ස කරලියද්ද මැතිතුමා සහභාගි විය. මෙම සම්මේලනයේ අරමුණ වූයේ කාම්බෝජියානු සම්මේලනයේදී සාකච්ඡාවට බඳුන් වූ විෂය කරුණු වැඩිදුරටත් සාකච්ඡා කිරීම හා වෙනත් නව අදහස් ඉදිරිපත් කිරීමය. ශ්‍රී ලංකාවේ ස්ත්‍රී-පුරුෂ සමතුලිතතාව හා සමානත්මතාව පිළිබඳව ගරු අමාත්‍යතුමා විසින් නියෝජිතයන්ට පැහැදිලි කර ඇත්තේ ස්ත්‍රී-පුරුෂ භේදයකින් තොරව, රටෙහි සියලුම පුරවැසියන් වෙත සමාන අයිතිවාසිකම් ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් සහතික කර ඇති බවයි. ජනගහනය, අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවාව යන ක්ෂේත්‍රයන්හි ශ්‍රී ලංකාව විසින් ලබාගෙන ඇති සාර්ථකත්වය සහ ස්ත්‍රී-පුරුෂ සාධාරණත්වය උදෙසා ගෙන ඇති සාධනීය පියවර නියෝජිතයන් විසින් පැසසුමට ලක් කරනු ලැබ ඇත. ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය, ගරු තිස්ස කරලියද්ද මැතිතුමා විසින් ඉහත සඳහන් තොරතුරු අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලදී.