• Increase font size
  • Default font size
  • Decrease font size

2014-06-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අතිගරු ජනාධිපතිතුමා බහරේන් රාජධානියේ නිරත වූ රාජ්‍ය සංචාරය

- බහරේන් රාජධානි‍යේ රජතුමාගේ ආරාධනයෙන් ඉහළ පෙළේ නියෝජිතයන් පිරිසක් සමඟ අතිගරු ජනාධිපතිතුමා විසින් එරටෙහි රාජ්‍ය සංචාරයක නියැ‍ළුණු අතර, මෙය ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයකු විසින් බහරේන්හි සිදු කරන ලද පළමු රාජ්‍ය සංචාරයද විය. එහිදී පැවති නිල රැස්වීම්වලදී දෙරටෙහි නායකයින් විසින් පුළුල් පරාසයක විහිදෙන ද්විපාර්ශ්වික කරුණු මෙන්ම අන්‍යෝනය බැඳියාවන් සහිත කලාපීය හා බහුපාර්ශ්වීය කරුණුද සාකච්ඡා කරන ලදී. විදේශ කටයුතු අමාත්‍ය වශයෙන් වැඩබැලූ, ගරු නියෝමාල් පෙරේරා මැතිතුමා විසින් ඉහත සඳහන් තොරතුරු අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලදී.