• Increase font size
  • Default font size
  • Decrease font size

2014-06-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජාත්‍යන්තර සබඳතා සහ ක්‍රමෝපායික අධ්‍යයන පිළිබඳ ලක්ෂ්මන් කදිරගාමර් ආයතනය සහ බල්ගේරියා ජනරජයේ විදේශ කටයුතු අමාත්‍යවරයාගේ රාජ්‍යතාන්ත්‍රික ආයතනය අතර සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම

- මෙම අවබෝධතා ගිවිසුමේ අරමුණ වනුයේ බල්ගේරියාව සහ ශ්‍රී ලංකාව අතර වන සබඳතාව පිළිබඳ මනා අවබෝධයක් ලබාගැනීමට දායක වන ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කිරීම හා ඒවාට සහයෝගය ලබා දීමය. ඉහත සඳහන් අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය, ගරු (මහාචාර්ය) ජී.එල්.පීරිස් මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.