• Increase font size
  • Default font size
  • Decrease font size

2014-06-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ඇෆ්ගනිස්ථාන හෙද හෙදි නිලධාරි පිරිස් සහ සෞඛ්‍ය සත්කාරක කාර්ය මණ්ඩල ශ්‍රී ලංකාව තුළදී පුහුණු කිරීම පිළිබඳ සහයෝගය සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුව සහ ඇෆ්ගනිස්ථාන ඉස්ලාමීය ජනරජයේ ආණ්ඩුව අතර අවබෝධතා ගිවිසුම

- ඉහත සඳහන් අවබෝධතා ගිවිසුම යටතේ දෙරටෙහි ආණ්ඩු විසින් එකඟ වී ඇති පරිදි ඇෆ්ගනිස්ථාන හෙද නිලධාරින් සහ සෞඛ්‍ය සත්කාරක පිරිස් පුහුණු කිරීමේ වැඩසටහන් ශ්‍රී ලංකාවේදී ක්‍රියාත්මක කිරීම මඟින් සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් වන සහයෝගිතාව දීර්ඝ කිරීමට සෞඛ්‍ය අමාත්‍ය, ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.