• Increase font size
  • Default font size
  • Decrease font size

2014-06-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2014 අප්‍රේල් මස 7 – 13 දක්වා වොෂිංටන් නගරයේදී පැවති 2014 වසරට අදාළ ලෝක බැංකුවේ/ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අර්ධ වාර්ෂික රැස්වීම

- ජාත්‍යන්තර මූල්‍ය සහයෝගිතාව පිළිබඳ (ජ්‍යෙෂ්ඨ) අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය, ගරු (ආචාර්ය) සරත් අමුණුගම මැතිතුමා විසින් ප්‍රධානත්වය දරනු ලැබූ සහ මහා භාණ්ඩාගාරයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ මහ බැංකුවේ නිලධාරින් කණ්ඩායමක් ඇතුළත් නියෝජිත පිරිසක් විසින් ශ්‍රී ලංකාව නියෝජනය කරන ලදී. එහිදී විරැකියාව පහත හෙළීම, උද්ධමනය පාලනය, මූල්‍ය වෙළඳපොළෙහි සාර්ථකත්වය ආදියේදී ශ්‍රී ලංකාවේ මෑතකාලීන කාර්යසාධනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පසසන ලද අතර, අරමුදල විසින් ශ්‍රී ලංකාව වෙත තවදුරටත් සහාය ලබා දිය හැකි බව ප්‍රකාශ කර ඇත. ජාත්‍යන්තර මූල්‍ය සහයෝගිතාව පිළිබඳ (ජ්‍යෙෂ්ඨ) අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය, ගරු (ආචාර්ය) සරත් අමුණුගම මැතිතුමා විසින් ඉහත සඳහන් තොරතුරු අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලදී.