• Increase font size
  • Default font size
  • Decrease font size

2014-06-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2014 මැයි 2 සිට 5 දක්වා කසකස්තානයේ අස්තානාහි පැවති ආසියානු සංවර්ධන බැංකුවේ 47 වැනි වාර්ෂික සමුළුව

- ජාත්‍යන්තර මූල්‍ය සහයෝගිතාව පිළිබඳ (ජ්‍යෙෂ්ඨ) අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය, ගරු (ආචාර්ය) සරත් අමුණුගම මැතිතුමා විසින් ප්‍රධානත්වය දරනු ලැබූ සහ මහා භාණ්ඩාගාරයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් කණ්ඩායමක් ඇතුළත් නියෝජිත පිරිසක් විසින් ඉහත සමුළුවේදී ශ්‍රී ලංකාව නියෝජනය කරන ලදී. ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති, ආසියානු සංවර්ධන බැංකුවේ දකුණු ආසියානු කලාපයේ අධ්‍යක්ෂ ජනරාල් සමඟ මෙම නියෝජිත පිරිස විසින් පවත්වනු ලැබූ රැස්වීම්වලදී පසුගිය වසරේදී ශ්‍රී ලංකාව විසින් හොඳම ආයෝජන කාර්යසාධනය වාර්තා කරන ලද බව අවධාරණය කර ඇත. තවද දෙරට අතර ද්විපාර්ශ්වික සම්බන්ධතාව තවදුරටත් ශක්තිමත් කරගැනීම සඳහා සහ චීන ආයෝජකයින් ශ්‍රී ලංකාව වෙත වැඩියෙන් යොමු කරවා ගැනීම සම්බන්ධයෙන් වූ ඵලදායී ද්විපාර්ශ්වික සාකච්ඡා චීන මහජන සමූහාණ්ඩුවේ නායකයන් සමඟ පවත්වා ඇත. ජාත්‍යන්තර මූල්‍ය සහයෝගිතාව පිළිබඳ (ජ්‍යෙෂ්ඨ) අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය, ගරු (ආචාර්ය) සරත් අමුණුගම මැතිතුමා විසින් ඉහත සඳහන් තොරතුරු අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලදී.