• Increase font size
  • Default font size
  • Decrease font size

2014-06-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
තුර්කියේ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ අධිකාරිය (ICTA) සහ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) අතර අවබෝධතා ගිවිසුම (MoU)

- ‍මෙම අවබෝධතා ගිවිසුම මඟින් ශ්‍රී ලංකාවේ මෙන්ම තුර්කියේ විදුලි සංදේශ ක්ෂේත්‍රයේ සංවර්ධනයට දායකවීමේ කාර්යය උදෙසා තාක්ෂණික හා ආයතනික සහයෝගිතාව සඳහා වන යාන්ත්‍රණයක් සපයනු ලබයි. එහිදී තාක්ෂණික සංවර්ධනය, විදුලි සංදේශ සේවාවන් සඳහා සැමට ප්‍රවේශය තිබීම සහ අන්තර්ජාලයේ මීළඟ අදියර යන ක්ෂේත්‍රයන්හි විශේෂ සහයෝගිතාව අපේක්ෂා කෙරේ. ශ්‍රී ලංකාවේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව හා තුර්කියේ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ අධිකාරිය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීම සඳහා අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.