• Increase font size
  • Default font size
  • Decrease font size

2014-06-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රෝහල්වල සායනික අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධති පිහිටුවීම

- සායනික අපද්‍රව්‍ය, අවට පරිසරයට මෙන්ම ආශ්‍රිත ප්‍රදේශවල ජනතාවටද හානි කර බැවින් සායනික අපද්‍රව්‍ය කළමනාකරණය කෙරෙහි රජයේ වැඩි සැලකිල්ලක් යොමු වී තිබේ. රෝහල්වල සායනික අපද්‍රව්‍ය කළමනාකරණය කිරීමේ ආරක්ෂිත ක්‍රියාමාර්ගයන් ප්‍රවර්ධනය කිරීමේ පරමාර්ථයෙන් යුතුව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඇමෙරිකානු ඩොලර් 18,444,571.45 ක පිරිවැයකින්, තෝරා ගත් රෝහල්වල සායනික කළමනාකරණ අපද්‍රව්‍ය පද්ධති ස්ථාපිත කිරීම උදෙසා ඕස්ට්‍රේලියානු කොන්ත්‍රාත්කරුවකු සමඟ වාණිජ කොන්ත්‍රාත්තුවකට එළඹ ඇත. එම මූල්‍යකරණයට අදාළ කටයුතු කර ගෙන යාම සඳහා මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපති තුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.