• Increase font size
  • Default font size
  • Decrease font size

2014-06-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අනුරාධපුර බුද්ධශ්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාලය ප්‍රතිස්ථාපනය කිරීම යටතේ පුස්තකාලය සඳහා සිව් මහල් ගොඩනැඟිල්ලක් ඉදි කිරීම

- අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් නිර්දේශිත පරිදි, රු. 298,273,258.00ක මුදලකට අවම ලංසුව ඉදිරිපත් කළ සාරානුකූල ප්‍රතිචාරාත්මක ලංසුකරු වෙත ඉහත සඳහන් කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම සඳහා උසස් අධ්‍යාපන අමාත්‍ය, ගරු එස්.බී.දිසානායක මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.