• Increase font size
  • Default font size
  • Decrease font size

2014-06-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
භාණ්ඩාගාර ඇපකර සමඟින් දේශීය බැංකුවලින් අත්පත් කර ගනු ලබන අරමුදල් මත ක්‍රියාත්මක කරනු ලබන ප්‍රමුඛත්ව ජලසම්පාදන ව්‍යාපෘති 4ක් ක්‍රියාත්මක කිරීම.

‑ දේශීය කොන්ත්‍රාත්කරුවන් යොදා ගනිමින් දේශීය අරමුදල් උපයෝගී කොට ගෙන රුපියල් බිලියන 29.1ක වියදමින් ජලසම්පාදන ව්‍යාපෘති 30ක් ක්‍රියාත්මක කිරීම සඳහා දැනටමත් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇත. එම ක්‍රමය යටතේම රුපියල් බිලියන 10.095ක මුළු ආයෝජනයකින් පහත සඳහන් අමතර ප්‍රමුඛත්ව ව්‍යාපෘති හතර (04) ක්‍රියාත්මක කිරීම සඳහා ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍ය, ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

* පැකේජය 2 - කොළඹට නැගෙනහිරින් පිහිටි නගර - භූමි ජල ටැංකිය, ප්‍රධාන ජලනලය සැපයීම සහ එළීම සහ අනෙකුත් සිවිල් කාර්යයන්;

* පැකේජය 3 - කොළඹට නැගෙනහිරින් පිහිටි නගර - හෝමාගම, පාදුක්ක සහ සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල බෙදා හැරීමේ ජාලය සඳහා ජලනල සැපයීම සහ එළීම;

* කොස්ගම - අවිස්සාවේල්ල ඒකාබද්ධ ජලසම්පාදන ව්‍යාපෘතිය සහ

* මැදිරිගිරිය බෙදා හැරීමේ අදියර II.