• Increase font size
  • Default font size
  • Decrease font size

2014-06-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ගම් පුළුල් කිරීම සඳහා ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවට අයත් නිකලොය රාජ්‍ය වතුයායේ නිව් රිවර්ෆීල්ඩ් කොටස අත්කර ගැනීම -

- ගම් පුළුල් කිරීම යටතේ එක් පවුලකට රූඩ් 02 බැගින් පවුල් 54 ක් අතර බෙදා දීම සඳහා ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවට අයත් නිකලොය රාජ්‍ය වතුයායේ නිව් රිවර්ෆීල්ඩ් කොටසින් හෙක්ටයාර 13.3938 ක ඉඩම් ප්‍රමාණයක් රත්තොට ප්‍රදේශීය ලේකම් මඟින් වෙන් කර දීමට රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය දයාශ්‍රිත තිසේරා මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.