• Increase font size
  • Default font size
  • Decrease font size

2014-06-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලාංකික පොල් නිෂ්පාදන අපනයන සඳහා සන්නාම ක්‍රමවේදයක් ස්ථාපිත කිරීම

- පොල් කර්මාන්ත ක්ෂේත්‍රයේ අපනයන භාණ්ඩ සඳහා සන්නාමයන් යොදා ගැනීමෙන් එම භාණ්ඩ ශ්‍රී ලංකාවේ අනන්‍යතාව පිළිඹිබු වන ආකාරයෙන් ප්‍රචාරණය කිරීමටත්, භාණ්ඩයේ උසස් ප්‍රමිතිය පිළිබඳව අවසන් පාරිභෝගිකයින්ට වැටහීමක් ලබාදීමටත් පහසු වනු ඇති බව නිරීක්ෂණය කර ඇත. ඒ අනුව, දේශීය පොල් නිෂ්පාදනවල ගුණාත්මක භාවය සහ ප්‍රමිතිය සහතික කිරීම පිණිස “ශ්‍රී ලංකා කොකනට්” යන සන්නාම නාමය යෙදීම ප්‍රවර්ධනය කර තරඟකාරී වාසිදායක තත්වයක් උදාකර දෙමින් නව වෙළඳපොළවලට ප්‍රවේශ වීම සඳහා වූ වැඩ සටහනක් දියත් කිරීමට පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍ය ඒ.පී. ජගත් පුෂ්පකුමාර මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.