• Increase font size
  • Default font size
  • Decrease font size

2014-06-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ආසියානු ඵලදායීතා සංවිධානයේ වැඩමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීම

- මෙය, සාමාජික රටවල කෘෂිකර්ම හා කර්මාන්ත ක්ෂේත්‍රයන්හි ඵලදායිතාව ඉහළ නැංවීමෙහිලා සහාය වන ජපානය පාදක කොට ගෙන පිහිටුවා ගෙන තිබෙන අන්තර් ජාතික සංවිධානයක් වන අතර, දැනට ශ්‍රී ලංකාව ඇතුළු ආසියා සහ ෆැසිෆික් කලාපයේ රටවල් 20ක් මෙම සංවිධානයේ සාමාජිකයන් වේ. ඉහත වැඩමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීම සඳහා කෘෂිකර්ම අමාත්‍ය, ගරු මහින්ද යාපා අබේවර්ධන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.