• Increase font size
  • Default font size
  • Decrease font size

2014-06-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මධ්‍යම පරිසර අධිකාරිය විසින් දැනට ක්‍රියාත්මක කරනු ලබන පරිසර නියමු වැඩසටහන දිවයිනේ සෑම පාසලකම ආරම්භ කර ශක්තිමත්ව පවත්වා ගෙන යාම සඳහා වු පස් අවුරුදු සැලැස්ම ක්‍රියාත්මක කිරීම -

- ළමා වයසේදීම පාසල් දරුවන් තුළ පරිසර හිතකාමී ආකල්ප වර්ධනය කිරීම පිණිස සහ ඔවුන් පාරිසරික සංරක්ෂණ කටයුතුවලට සහභාගි කරවා ගැනීම තුළින් ඔවුන්ගේ දැනුම, අවබෝධය සහ කුසලතා වර්ධනය කිරීම අරමුණු කොට ගෙන මධ්‍යම පරිසර අධිකාරිය මඟින් දිවයිනේ පාසල් ගණනාවක “පරිසර නියමු වැඩසටහන” ක්‍රියාත්මක කෙරේ. මෙම වැඩසටහනේ පරමාර්ථය වනාහි පාරිසරික වගකීම්වලින් බැඳුණු ජීවන රටාවකට ශිෂ්‍ය ජීවිත හැඩගැස්වීමත් හා රටේ පරිසරය ආරක්ෂා කරන පරිසර සංවේදී යහපත් පුරවැසියන් පිරිසක් බිහි කිරීමත්, පාසල් සිසුන් මඟින් වැඩිහිටියන් අතරට පරිසර සංරක්ෂණ පණිවුඩය රැගෙන යාමත්ය. පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය, ගරු ඒ.ඩී.සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාව අනුව කටයුතු කර ගෙන යාම අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.