• Increase font size
  • Default font size
  • Decrease font size

2014-06-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
උසස් අධ්‍යාපනයේ ගුණාත්මක බව තහවුරු කිරීම පිළිබඳ කලාපීය වැඩමුළුවට සමගාමීව ආසියා පැසිෆික් කලාපයේ උසස් අධ්‍යාපන සුදුසුකම් පිළිගැනීම මැයෙන් වූ කලාපීය කමිටුවේ 13 වැනි සැසියට සත්කාරකත්වය සැපයීම

- 2014 අගෝස්තු මස 04 සහ 05 දිනවලදී පැවැවෙන ඉහත සඳහන් සැසියට සත්කාරකත්වය සැපයීමේ අවස්ථාව බැංකොක් යුනෙස්කෝ ආයතනය විසින් ශ්‍රී ලංකාව වෙත පිරිනමා ඇත. මෙම සැසිවාරයට ජාත්‍යන්තර වශයෙන් 60 දෙනෙක් පමණ සහභාගී වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙම සමුළුව කෙරෙහි ආසියා පැසිෆික් කලාපයේ හා වෙනත් රටවලින් අධ්‍යාපනික වෘත්තිකයින් හා අධ්‍යයන කාර්ය මණ්ඩල විද්වතුන්ගේ අවධානය යොමු වනු ඇති අතර එය ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනය සඳහා වඩා හොඳ ජාත්‍යන්තර පිළිගැනීමක් ද අත් කර දෙනු ඇත. මෙම සමුළුව ශ්‍රී ලංකාවේදී පැවැත්වීම සඳහා උසස් අධ්‍යාපන අමාත්‍ය ගරු එස්.බී. දිසානායක මැතිතුමා විසින් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.