• Increase font size
  • Default font size
  • Decrease font size

2014-06-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කිලිනොච්චියේ පිහිටි යාපනය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨය සහ ඉංජිනේරු පීඨය සංවර්ධනය කිරීම සඳහා ඉන්දියානු රජය මඟින් කුඩා සංවර්ධන ව්‍යාපෘති ප්‍රදාන අනුග්‍රහය ලබා දීම

- කිලිනොච්චියේ පිහිටි යාපනය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨය සහ ඉංජිනේරු පීඨය සංවර්ධනය කිරීම සඳහා ඉන්දියානු රජය සහ ශ්‍රී ලංකා රජය අතර ඇති කර ගත් සංශෝධනය කරන ලද අවබෝධතා ගිවිසුම ක්‍රියාත්මක කිරීම සඳහා උසස් අධ්‍යාපන අමාත්‍ය, ගරු එස්.බී.දිසානායක මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.