• Increase font size
  • Default font size
  • Decrease font size

2014-06-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කාබනික නිෂ්පාදන අපනයන පාලනය කිරීම සඳහා ස්වාධීන ඒකකයක් ස්ථාපිත කිරීම

- කාබනික නිෂ්පාදන අපනයනය පාලනය කිරීම සඳහා ඒකකයක් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය යටතේ පිහිටුවීම සහ මෙම කාර්යය සඳහා 1979 අංක 40 දරන අපනයන සංවර්ධන පනත යටතේ පිළියෙළ කරන ලද කෙටුම්පත් රෙගුලාසි ගැසට් පත්‍රයේ පළ කිරීම සඳහා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය, ගරු රිෂාඩ් බදියුදීන් මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.