• Increase font size
  • Default font size
  • Decrease font size

2014-06-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ව්‍යාපෘති හතක මුළු ඇස්තමේන්තුගත වියදම සංශෝධනය කිරීම

- මුල් වැඩ විෂයපථය වෙනස්වීම සහ මිල ගණන් විචල්‍යවීම හේතුවෙන් පහත සඳහන් ජලසම්පාදන ව්‍යාපෘති හතෙහි ඇස්තමේන්තුගත පිරිවැය සංශෝධනය කිරීම සඳහා ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍ය, ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

* ජල්තර - රණාල ජලසම්පාදන ව්‍යාපෘතිය;
* ඇඹිලිපිටිය ජලසම්පාදන ව්‍යාපෘතිය;
* මැදිරිගිරිය ජලසම්පාදන ව්‍යාපෘතිය;
* කුණ්ඩසාලේ ජලසම්පාදන ව්‍යාපෘතිය;
* මාතලේ ජලසම්පාදන ව්‍යාපෘතිය;
* මාරස්සන ජලසම්පාදන ව්‍යාපෘතිය; සහ
* තලවකැලේ ජලසම්පාදන ව්‍යාපෘතිය.