• Increase font size
  • Default font size
  • Decrease font size

2014-05-29 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ විදේශ කටයුතු අමාත්‍යාංශය සහ බල්ගේරියා ජනරජයේ විදේශ කටයුතු අමාත්‍යාංශය අතර උපදේශන සඳහා සන්ධානය

- මෙම සන්ධානයට ද්විපාර්ශ්වික සහයෝගිතාවේ සියලුම පැති හා අනෙකුත් වැදගත් විෂයයන් එනම්, එක්සත් ජාතීන්ගේ හා වෙනත් ජාත්‍යන්තර සංසදවල න්‍යාය පත්‍ර පිළිබඳ ගැටලු, ජාත්‍යන්තර ආරවුල් සාමකාමීව සමථයට පත් කිරීම පිළිබඳ ගැටලු සහ දේශගුණික විපර්යාස, පරිසර ආරක්ෂණය, තිරසාර සංවර්ධනය වැනි ගෝලීය ගැටලු ඇතුළත් වේ. ඉහත උපදේශන සන්ධානයට අත්සන් තැබීම පිණිස විදේශ කටයුතු අමාත්‍ය, ගරු (මාහාචර්ය) ජී.එල්.පීරිස් මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.